Thursday, May 9, 2024

General line - 0115112241

ලබන වසරේදී වියදම රුපියල් මිලියන 100 කින් අඩුකර ගන්නවා - හම්බන්තොට ලංකා ලුණු සමාගම




ලබන වසරේදී වියදම රුපියල් මිලියන 100 කින් අඩුකර ගැනීමට කටයුතු කරන බව හම්බන්තොට ලංකා ලුණු සමාගම පවසනවා. එහි සභාපති නීතිඥ නිශාන්ත සඳබරණ පැවසුවේ ලුණු කඳු වසා දැමීමට දැනට භාවිත කරන ක්‍රමවේදය වෙනස් කිරීමෙන් එලෙස වියදම් අඩුකරගත හැකි බවයි.

ලුණු නිෂ්පාදනය හරහා තවත් මිලියන 100 ක් ලාභ ලැබීම සිය අපේක්ෂාව බවයි ඔහු කියා සිටියේ.

මේ අතර හම්බන්තොට ලුණු සමාගමේ සභාපතිවරයා එම ධූරයෙන් ඉවත් කරන ලෙසට බල කරමින් සහ සිය වැටුප් ඉහළ දමන ලෙසට බල කරමින් එහි සේවකයින් ඊයේ දිනයේදී විරෝධතාවයක නිරත වුණා. කෙසේවෙතත් විවිධ පාර්ශව තමන්ට ධූරයෙන් ඉවත්වීමට එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි එහි සභාපති නීතිඥ නිශාන්ත සඳබරණ පැවසුවේ.