Wednesday, May 1, 2024

General line - 0115112241

ක්‍රිකට් ඉතිහාසය වෙනස් කරන්න ශ්‍රී ලංකා යෞවනයන් අද පිටියට




වයස අවුරුදු 19 න් පහළ ආසියානු යොවුන් කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරඟය අද පැවැත්වෙනවා. ඒ, ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම සහ ඉන්දීය 19 න් පහළ කණ්ඩායම අතරයි.

ඊයේ පැවති අර්ධ අවසන් වටයේ තරඟයකදී පකිස්තාන කණ්ඩායම පරාජයට පත් කරමින් ශ්‍රී ලංකාවත්, බංග්ලාදේශය පරාජයට පත් කරමින් ඉන්දියාවත් අවසන් තරඟයට සුදුසුකම් ලබාගත්තා. දෙරට අතර අවසන් මහා තරඟය අද පෙරවරු 11 ට ආරම්භ වන්නේ ඩුබායිහිදීයි.

මීට පෙර සිව් වතාවක් වයස අවුරුදු 19 න් පහළ ආසියානු යොවුන් කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාව සමත් වුණා. කෙසේවෙතත් ඉන් කිසිදු අවස්ථාවකදී ශූරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවට හැකිවූයේ නැහැ.

වර්ථමාන වයස අවුරුදු 19 න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශකවරයා ලෙස මහේල ජයවර්ධන කටයුතු කරන අතර ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ අවිශ්ක ගුණවර්ධනයි.