Monday, May 6, 2024

General line - 0115112241

අමෙරිකාව ඇතුළු රටවල් කිහිපයකට සුනාමි අනතුරු ඇඟවීමක් (VIDEO / PHOTOS)




දකුණු පැසිෆික් මුහුද අභ්‍යන්තරයේ සිදුව ඇති ගිනි කන්දක විධාරණය වීමත් සමග අමෙරිකාවේ බටහිර වෙරළ කළාපයට, ඇලෙස්කා, නවසීලන්තයේ උතුරු සහ නැගෙනහිර වෙරළ කළාපයට සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 

මේ අතර ගිනි කන්දේ විධාරණයත් සමග රිච්ටර් මාපකයේ ඒකක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භුමිකම්පනයක් සිදුව ඇති අතර ඒ හේතුවෙන් ටොංගෝ දුපත් හි විශාලතම දුපත වන Tongatapu වෙත අඩි 4ක පමණ උසකින් යුත් සුනාමි උදම් රළ පහරක් එල්ලවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

සුනාමි අවදානම හේතුවෙන් ටොංගෝ දුපත් හි වැසියන් ආරක්‍ෂිත ස්ථාන කරා පිටව ගොස් ඇති බව සඳහන්.

Hunga-Tonga-Hunga-Ha'apai ගිනි කන්දේ විධාරණයත් සමග එහි ප්‍රබලත්වය නවසීලන්තය ඇතුළු රටවල් කිහිපයකට දැනුණු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.