Thursday, May 9, 2024

General line - 0115112241

අධිවේගී මාර්ගයේ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකුට දිවි අහිමි වෙයි




කඩවත - කඩුවෙල පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 16 කණුව අසලදී අද අලුයම සිදු වූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. 

අධිවේගී මාර්ගයේ ගමන්කළ ලොරි රථයක ටයරයේ ඇති වූ ආපදා තත්ත්වයක් හේතුවෙන් මාර්ගය අයිනේ නවතා අලුත්වැඩියා කටයුතු සිදුකරමින් සිටියදී තවත් ලොරි රථයක් නවතා තිබූ ලොරි රථයේ ගැටීමෙන් එම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

අනතුරින්, ගමන් කරමින් තිබූ ලොරි රථයේ රියදුරු මියගොස් ඇති අතර ලොරි රථයේ වම්පස අසුනේ ගමන් කළ හිමිකරු ලොරිය ගිනිගැනීම හේතුවෙන් පිළිස්සී මියගොස් තිබෙනවා. නවතා තිබූ ලොරි රථයේ රියදුරු සහ රිය සහායක අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.