Thursday, May 9, 2024

General line - 0115112241

යුගදනවි ගිවිසුමේ තීරණය අධිකරණ තීන්දුවෙන් පසු




අධිකරණය ලබාදෙන තීන්දුවට අනුව කෙරවලපිටිය යුගදනවි බලාගාර ගිවිසුම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව රජය පවසනවා. රටට අහිතකර කිසිදු කොන්දේසියකට යටත්ව එම ගිවිසුමට රජය අත්සන් නොකරන බවයි අමාත්‍ය රමේෂ් පතිරණ නෙත් නිවුස් කළ විමසීමකදී සඳහන් කළේ. 

කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස්වලින් සියයට 40 ක් අමෙරිකානු සමාගමක් වෙත පැවරීමට එරෙහිව පාර්ශව කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොණු කර තිබෙනවා. 

රජය නියෝජනය කරන කැබිනට් අමාත්‍යවරුන් වන උදය ගම්මන්පිල, විමල් වීරවංශ සහ වාසුදේව නානායක්කාර එලෙස පෙත්සම් ගොණු කළ එක් පාර්ශවයක්. අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් ද යුගදනවි ගිවිසුම අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොණු කළා. 

කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස්වලින් සියයට 40 ක් අමෙරිකානු සමාගමක් වෙත පැවරීමට එරෙහිව පෙත්සම් ගොණු කළ පාර්ශව අතරට ජනතා විමුක්ති පෙරමුණ මෙන්ම සමගි ජනබලවේගය ද අයත්.