Thursday, May 9, 2024

General line - 0115112241

ලංවිම IOC යෙන් ඉන්ධන ගන්න සැරසෙයි 




ලංකා විදුලිබල මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන ඉන්දියන් ඔයිල් සමාගම හරහා ඍජුවම මිලදී ගැනීමට හැකිවනු ඇතැයි විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ පවසනවා. 

අමාත්‍යවරයා කියා සිටියේ ඉදිරි සතිය සඳහා අවශ්‍ය තෙල් ප්‍රමාණය සම්බන්ධයෙන් හෙට දිනයේදී තීරණයක් ගන්නා බවයි. 

ලංකා විදුලි බල මණ්ඩලය, දින කිහිපයකට විදුලි කප්පාදුවක් සඳහා අවසර ලබාදෙන ලෙස මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් මීට පෙර ඉල්ලීම් කර තිබූණා. 

කෙසේවෙතත් ඉකුත් දා  පැවති සමාලෝචනයෙන් අනතුරුව හෙට දිනය දක්වා විදුලි කප්පාදුවක් සඳහා අවසර ලබා නොදීමටයි එම කොමිෂන් සභාව තීරණය කළේ. 

පවතින තත්ත්වය සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිෂන් සභාව හෙට දිනයේ යළි රැස්වී සාකච්ඡා කරන බවයි මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක වැඩිදුරටත් සඳහන් කළේ.