Sunday, May 5, 2024

General line - 0115112241

ලෝක දේශපාලනය උඩුයටිකුරැ කරමින් ඊශ්‍රායල ජනාධිපති තුර්කියට




ඊශ්‍රායල ජනාධිපති අයිසැක් හෙර්සොග් තුර්කියේ  නිල සංචාරයක නිරතවීමට සූදානම් වනවා.

තුර්කි ජනාධිපති තායිෆ් එර්දාගොන් මාධ්‍ය අමතමින් සදහන් කළේ ඊශ්‍රායල ජනාධිපතිවරයා එළඹෙන පෙබරවාරි මාසයේ දී තුර්කියේ සංචාරය කිරීමට නියමිත බවයි.

දෙරට අතර සබදතා වර්ධනය කර ගැනීම මෙම සංචාරයේ අරමුණ බව තුර්කි ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සදහන් කළා.

කෙසේවෙතත් පලස්තීනයේ සහ හමාස් සංවිධානයේ සමීපතම ආධාරකරැවෙකු වන තුර්කිය සහ ඊශ්‍රායලය අතර වන සබදතා කුමන ස්වරෑපයකින් වර්ධනය කරගනු ඇද්දැයි යන්න ගැටලු සහගත බව  විදෙස් විචාරකයන් සදහන් කරනවා.

කෙසේවෙතත්, ඊශ්‍රායල බලධාරීන් මාධ්‍ය වෙත සදහන් කර ඇත්තේ මෙම සංචාරය හරහා තුර්කි ඊශ්‍රායල සබදතා නව මාවතක් ඔස්සේ ඉදිරියට ඇදෙනු ඇති බවයි.