Thursday, May 9, 2024

General line - 0115112241

කටාරයේ වෙඩි තැබීමෙන් මිය ගියේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයකු නොවන බවට තහවුරු වෙයි 




කටාර් රාජ්‍යයේ දොහා හි සිදුවු වෙඩි තැබිමෙන් මියගිය පුද්ගලයා ශ්‍රී ලාංකික ශ්‍රමිකයකු නොවන බව තහවුරු වී ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කරනවා 

මෙරට මාධ්‍ය කිහිපයක පළවු මෙම ප්‍රවෘත්තිය කෙරෙහි විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපල විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්නගේ විශේෂ අවධානය යොමු වූ අතර ඒ අනුව ඔහු වහාම මේ පිළිබඳව සොයා බැලිමට කටාර් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කම්කරු අංශයට දන්වා තිබෙනවා. 

ඒ අනුව කටාර් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කම්කරු අංශයේ ප්‍රධානී නිතීඥ කීර්ති මුතුකුමාරණ විසින් අදාල ප්‍රදේශයේ පොලිසිය වෙත ගොස් කරණු සොයා බලා ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කළේ. 

එම පොලිසිය මගින් තහවුරු කර ඇත්තේ මියගිය පුද්ගලයා  ශ්‍රී ලාංකිකයකු නොවන බවයි. පසුව අදාල ප්‍රදේශයේ රෝහලද පරික්ෂා කර ඇතත් වෙඩි තැබිමකින් මියගිය ශ්‍රී ලාංකික පුද්ගලයකුගේ දේහයක් නොමැති බවට තහවුරු වි තිබෙන බවයි එම කාර්යාංශය නිවේදනය කළේ.