Thursday, May 9, 2024

General line - 0115112241

බිත්තර ප්‍රහාරය ගැන විමර්ෂණයක් ඉල්ලා ඇමති ප්‍රසන්න ලිපි යවයි 




ජාතික ජන බලවේගයේ ඊයේ පැවති ගම්පහ දිස්ත්‍රික් සමුළුවේදී එහි නායක අනුර කුමාර දිසානායකගේ මෝටර් රථයට බිත්තර ප්‍රහාරයක් එල්ලවීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙස සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ පොලිස්පතිවරයාට ලිපියක් යවමින් ඉල්ලා තිබෙනවා.

ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික්ක සමුළුව අද පස්වරුවේ කලගෙඩිහේන පෞද්ගලික උත්සව ශාලාවකදීයි පැවැත්වු අතර ඊට සහභාගිවීම සඳහා පැමිණි ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක ගේ වාහනයට බිත්තර ප්‍රහාරයක් එල්ලවී තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන පොලිසියට භාර දීමට ඒ අසල සිටි පාක්ෂිකයින් පිරිසක් කටයුතු කර තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ මෙන්ම මාධ්‍ය තුල ප්‍රචාරයක් ලැබී තිබෙන බවින් මේ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදුකරන ලෙසයි අමාත්‍යවරයා පොලිස්පතිවරයාට සිය ලිපියෙන් දැනුම් දී ඇත්තේ.