Friday, May 10, 2024

General line - 0115112241

අඛණ්ඩ විදුලි සැපයුම තවමත් අර්බුදයක

ඩී ඩී වානගුරු




ඉදිරියේදී විදුලි කප්පාදුවක් සිදු නොවනු ඇති බවට කිසිසේත්ම නිෂ්චිත ප්‍රකාශයක් සිදු කළ නොහැකි බව විදුලි ඉංජිනේරුවරුන් පවසනවා. කෙසේවෙතත් අමාත්‍ය ගාමිණී ලොකුගේ ඊයේ ප්‍රකාශ කළේ ලබන අප්‍රේල් මාසය තෙක් අඛණ්ඩව විදුලිය සැපයීමට සැලසුම් කරන බවයි. එහෙත් පවතින තත්ත්වය මත ඕනෑම මොහොතක විදුලිය බිඳවැටීමේ අවධානමක් ඇතැයි ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ විධායක කමිටු සාමාජික ඉංජිනේරු චරිත දයාරත්න පැවසුවා.

ජල විදුලි උත්පාදනය අවිනිශ්චිත මට්ටමක පැවතීම හේතුවෙන් රටේම විදුලිබල සැපයුම ද අවිනිශ්චිත තත්ත්වයක පවතින බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. 

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක පැවසුවේ ජලයෙන් විදුලි උත්පාදනය මේ වන විට ක්‍රමයෙන් අඩුවෙමින් ඇති බවයි.

මෙවන් අවධානම් මොහොතක ජනතාව විදුලිය අරපිරිමැස්මෙන් භාවිත නොකළහොත් විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බවයි ප්‍රකාශ කෙරුණේ.

මෙරට අඛණ්ඩ විදුලි සැපයුම සම්බන්ධයෙන් මෙම මාසය පුරා දැඩි අර්බුදයක පැවතුණා. ඒ, නොරොච්චෝලේ බලාගාරයේ බිඳ වැටීම හා විදුලි උත්පාදනයට අවශ්‍ය ඩීසල් සහ දැවි තෙල් සොයාගැනීමේදී මතුවූ අර්බුදය හේතුවෙන්. කෙසේවෙතත් මහජන උපයෝගීතා කොමිසම ඊයේ තහවුරු කළේ නැවත දැනුම්දෙනතුරු විදුලි කප්පාදුවක් සිදුනොකරන බවයි.