Monday, April 29, 2024

General line - 0115112241

ඔමික්‍රෝන්, සමාජයේ පැතිරෙන තත්ත්වයක්




ඔමික්‍රෝන් ප්‍රභේදය සමාජය තුළ පැතිරෙමින් ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් අද ප්‍රකාශ කළා. 

ඒල මෙරට දෛනික කොවිඩ් ආසාදිතයින් අඛණ්ඩව දෙවන දිනටත් දහසේ සීමාව පසුකර ඇති පසුබිමකයි.

කෙසේවෙතත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පැවසුවේ වාර්තා වන රෝගීන්ට වඩා වැඩි රෝගීන් සංඛ්‍යාවක් සමාජයේ සිටින බවයි.

පාසැල් දරුවන් අතර කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න ද අදහස් පළ කළා.

මේ අතර කොවිඩ් ආසාදිතව සිටි තවත් 417 දෙනෙකු අද පූර්ණ සුවය ලැබුවා.