Monday, April 29, 2024

General line - 0115112241

මෙරට සංචාරක කර්මාන්තයට යලි බලපෑම් එල්ලවීමේ අවධානමක් 




ගෝලීය කොවිඩ් ව්‍යාප්තියේ වැඩිවීම හේතුවෙන් මෙරට සංචාරක කර්මාන්තයට ද යලි බලපෑම් එල්ලවනු ඇති බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා. 

ඒ, නෙත් නිවුස් සමඟ සංවාදයකට එක්වෙමින්.

අමාත්‍යවරයා සඳහන් කළේ ශ්‍රී ලංකාවට වැඩි වශයෙන් සංචාරකයින් පැමිණෙන යුරෝපා රටවලින් මෙරටට සංචාරකයින් පැමිණීම මේ වන විට අඩුවී ඇති බවයි.

පවතින තත්ත්වය සලකා ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රවර්ධන සැලසුම් ද වෙනස් කර ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළා.

මෙම වසරේදී සංචාරකයන් ලක්ෂ 11 කට වැඩි පිරිසක් මෙරටට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බව ද අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා. 

වසරේ පළමු දින 29 ක කාලයේදී සංචාරකයන් 76,538 දෙනෙකු පැමිණ තිබෙනවා. 

පසුගිය වසරේ මෙරටට පැමිණි මුළු සංචාරකයන් සංඛ්‍යාව එක් ලක්ෂ 94,495 ක්. එම වසරේ ජනවාරි මාසයේ පැමිණ ඇත්තේ සංචාරකයන් 1,682 දෙදෙනකු පමණක් බවයි සංචාරක අමාත්‍යංශය පැවසුවේ.