Monday, April 29, 2024

General line - 0115112241

ඉදිරියේදී කොවිඩ් ආසාදිතයින් හා තවත් මරණ වැඩිවීමේ අවධානමක්




ඉදිරියේදී දෛනිකව වාර්තා වන කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යාමේ වැඩි හැකියාවක් ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා. 

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසුවේ මේ වන විට සමාජයෙන් පෙන්නුම් කරන්නේ මීට සති දෙකකට පමණ පෙර ජනතා ක්‍රියාකාරිත්වයේ ප්‍රතිඵල බවයි.

දෛනික ආසාදිතයින් මෙන්ම කොවිඩ් මරණ ද වැඩිවීමේ හැකියාවක් පවතින බවයි මෙහිදී ප්‍රකාශ කළේ.

මේ අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය පැවසුවේ පාසැල් ළමුන් අතර කොවිඩ් ව්‍යාප්තිය වැඩිවීමට, පාසැල් තුළ නිසි පරිදි සෞඛ්‍ය උපදෙස් පිළිනොපැදීම හේතුවී ඇති බවයි.

ඔමික්‍රෝන් ප්‍රභේදය සමාජය තුළ පැතිරෙමින් ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ප්‍රකාශ කළා. 

ඒ, මෙරට දෛනික කොවිඩ් ආසාදිතයින් අඛණ්ඩව තුන්වන දිනටත් දහසේ සීමාව පසුකර ඇති පසුබිමකයි. 

ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1, 137 ක් වනවා. තවත් කොරෝනා මරණ 32 ක් ද මෙරටින් ඊයේ වාර්තා වුණා.