Monday, April 29, 2024

General line - 0115112241

නිදහස සැමරිය යුතු ආකාරය ගැන අලුත් යෝජනාවක්




74 වන ජාතික නිදහස් දිනයට තවත් ඇත්තේ දින දෙකක් පමණයි. “අභියෝග ජයගත් ඉසරුමත් හෙට දිනක්” යන තේමාවෙන් නිදහස් චතුරශ්‍රයේදී මෙවර එය සැමරීම සදහා මේ වනවිටත් පෙරහුරු සිදුවනවා. 

නිදහස සැමරීම සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිඩට් කණපිට වැඩසටහනේදී ද සංවාදයට ලක් කෙරුණා. 

ඊට සහභාගි වූ සමාජ ක්‍රියාකාරියෙකු සහ මතධාරියෙකු වන චින්තන ධර්මදාස මෙරට නිදහස සැමරීම සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.

රට හමුවේ පවතින අභියෝග හමුවේ නිදහස සැමරිය යුතු ආකාරය සම්බන්ධයෙන් සහ වෙනත් රටවල් නිදහස් දින සමරන ආකාරය පිළිබද ව එම වැඩසටහනට එක් වූ කැළණිය විශ්ව විද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යයන අංශයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය සමන් රාජපක්‍ෂ ද කරුණු දැක්වූවා.