Friday, May 10, 2024

General line - 0115112241

කුඩා රයන් ගේ දිවි බේරා ගැනීමේ මෙහෙයුම අවසන් අඩි 06ට කිට්ටු වෙයි




පැය 96 කට අධික කාලයක් ළිං කුහරයක සිරවී සිටින 05 හැවිරිදි රයන් නම් කුඩා පිරිමි දරුවා සිටින කුහරයට ආසන්න වීමට සහන කණ්ඩායම් මේ වන විට සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

පොළොව මට්ටමේ සිට අඩි 104ක් ගැඹුරින් පිහිටි ළිං කුහරයක ඇද වැටී සිටින මෙම කුඩා දරුවා බේරා ගැනීමට මොරොක්කෝ සහන සේවකයින් උමගක් කණිනු ලැබූ අතර, ඔවුන් රයන් රැඳී සිටින ස්ථානයට තවත් අඩි කිහිපයක් ඉතිරිව තිබෙන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර සිටින්නේ.

කෙසේ වුවත් මෙහෙයුමේ අවසන් අදීයර ඉතා තීරණාත්මක සංධිස්ථානයකට පැමිණ තිබෙන අතර, ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ හාරන ලද උමග කුමන අවස්ථාවක හෝ නාය යෑමේ අවදානමක් පැවතීම බවයි මෙම ගලවා ගැනීමේ මෙහෙයුම භාරව කටයුතු කරනු ලබන මොරොක්කෝ වේ සහන සේවා ප්‍රධානියා ප්‍රකාශ කර සිටින්නේ.

" අපි අවසන් අදියරේ සිටින්නේ. තවත් අඩි 06ක ප්‍රමාණයක් තිබෙනවා. මේක ඉතාම බැරෑරුම් මොහොතක්. ඉදිරි කොටසේ කැණීම් කටයුතු සිදුකරන්නේ අත් වලින්. අපිට යන්ත්‍ර යොදා ගන්න බෑ. මොකද යන්ත්‍රවලින් ඇතිවෙන පීඩනය නිසා උමග නාය යන්න පුළුවන් කියා සැකයි" රයන් ගලවා ගැනීමේ මෙහෙයුමට උරදී සිටින සහන සේවකයෙකු උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා.

ළිං කුහරයේ රැඳී සිටින දරුවාට අවශ්‍ය ඔක්සිජන්, ජලය සහ ආහාර නලයක් මාර්ගයෙන් යොමු කිරීමට සහන සේවකයින් පියවර ගනු ලැබූවා.

සිය පියා විසින් පිළිසකර කරමින් ළිදට කුඩා රයන් ඇද වැටී තිබුනේ ඔහු ඒ අසල සෙල්ලම් කරමින් සිටියදී බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.