Wednesday, May 8, 2024

General line - 0115112241

චීනය මැකාවෝහි පාලනය දැඩි කිරීමට සැරසෙයි




ස්වයංපාලන කලාපයක්  ලෙස පාලනය වන මැකාවෝ හි පරිපාලන කටයුතු දැඩි කිරීමට චීනය සූදානම් වන බව වාර්තා වනවා. විදෙස් වාර්තා සදහන් කළේ, එහි ආරක්ෂක  නීති සංශෝධනය කිරීමටත් ආරක්ෂාව දැඩි කිරීමටත් චීනය සූදානම් වන බවයි.

මැකාවෝ හි මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට ද කටයුතු කර ඇති අතර එමගින් එහි නියෝජන ක්‍රමය ශක්තිමත් කිරීමට කටයුතු කරන බව බලධාරීන් පවසා තිබෙනවා.

හොංකොංහි මෙන් නොසන්සුන්කාරී වාතාවරණයත් ඇතිවීම වැළැක්වීම මෙම තීරණයෙහි අරමුණ බව විශේෂඥයන්ගේ  අදහසයි. 

මැකාවෝ පරිපාලනය සදහන් කර ඇත්තේ මේ සදහා දැනටමත් පස්වසරක විශේෂ පරිපාලන සැලැස්මක් සකස් කර ඇති බවයි.

මේ වනවිට, හොංකොං, ටිබෙට් ආදිය මෙන් චීනයේ විශේෂ ස්වයංපාලන කලාපයක් ලෙස පාලනය වන මැකාවෝ 1999 තෙක් පැවතියේ පෘතුගාලයේ කොටසක් ලෙසයි.