Wednesday, May 8, 2024

General line - 0115112241

ප්‍රමිතියෙන් තොර පාවහන් මිලදී ගැනීමට මාර්ග සංවර්ධන අධිකාරිය අට ලක්ෂයක් ගෙවයි




ප්‍රමිතියෙන් තොර පාවහන් මිලදී ගැනීම සඳහා රුපියල් අට ලක්ෂ 52,100 මුදලක් මාර්ග සංවර්ධන අධිකාරිය ගෙවා ඇති බවට අනාවරණ වී තිබෙනවා. 

2017 වසරේ පාවහන් යුගල 1300 ක් මිලදී ගැනීම සඳහා රුපියල් ලක්ෂ 37,700 මුදලක් ගෙවීමට සැලසුම් කර තිබුණා. එහෙත් සැපයුම්කරු සපයා තිබූ පාවහන් නියමිත පිරිවිතරයන්ට නොතිබූ බවයි හෙළිවී ඇත්තේ. 

මාර්ග සංවර්ධන අධිකාරියේ අභ්‍යන්තර විගණන අංශය හා ජාතික විගණන කාර්යාලය ද මෙම සපත්තු පිරිවිතරයන්ට අනුකූල නොවන බවට ද සිය වාර්ථාවල දක්වා තිබුණා. 

එහෙත් එම පාවහන් තාක්ෂණික ඇගයීම් කමිටුව විසින් ප්‍රතිකේෂ්ප නොකිරීම ඉකුත් සමයේ මාර්ග සංවර්ධන අධිකාරියේ බොහෝ දෙනාගේ කතාබහට ලක්වීම ද විශේෂත්වයක්. පිරිවිතරයන්ට පටහැනි පාවහන් ප්‍රතික්ෂේප කළ යුතු අතරම පිරිවිතරයන්ට නොගැලපෙන භාණ්ඩ සදහා මුදල් නොගෙවා සිටිය යුතු බවටද ජාතික විගණන කාර්යාලය නිර්දේශ කර තිබුණා. 

එවන් පසුබිමක් තුළ එවැනි නිර්දේශයක් තිබියදීත් මෙම සැපයුම්කරු හට ගෙවන මුල් වාරිකයක් ලෙස රුපියල් අට ලක්ෂ 52,100 මුදලක් ගෙවා දැමීමට කටයුතු කර ඇත්තේ අධිවේගි මාර්ග වැඩබලන අධ්‍යක්ෂකවරයෙක්. ඔහු මෙම ගෙවීම් සදහා පදනම් කොට ගෙන ඇත්තේ මෙම සපත්තු පිළිබඳව කිසිදු ලිඛිත පැමිණිල්ලක් ලැබී නොමැති බවට වන අසත්‍ය කරුණු පදනම්ව සැකසු කමිටු වාර්ථාවක් මත බවයි හෙළි වී ඇත්තේ.