Wednesday, May 8, 2024

General line - 0115112241

බිම්තැන්නේ ඉඩම් කොල්ලය නතර කිරීමට මැදිහත් වන්නැයි පරිසරවේදීන් ජනපතිගෙන් ඉල්ලයි




ඌව වෙල්ලස්ස බිම්තැන්නේ දෙහිගම ප්‍රදේශයේ අක්කර 572 ක ගොවි බිම් හා ජනතාවගේ පාරම්පරික ඉඩම් උක් වගා ව්‍යාපෘතියක් සඳහා පවරා ගැනීම වැළැක්වීම සඳහා මැදිහත් වන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය පවසනවා. 

එහි ජාතික සම්බන්ධීකාරක පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් පැවසුවේ මෙම ව්‍යාපෘතිය සඳහා 2013 වසරේදී නිකුත් කර ඇති පරිසර තක්සේරු වාර්තාව මේවනවිට අවලංගුවී ඇති බවයි.

ඌව වෙල්ලස්ස බිම්තැන්නේ දෙහිගම සංවේදී පරිසර කලාපය ආශ්‍රිතව අදාළ සමාගම සිදු කිරීමට නියමිත එම ව්‍යාපෘතිය නතර කර සංවේදී පරිසර කලාපය ආරක්ෂා කර ගැනීමට සියලු පාර්ශව මැදිහත්විය යුතු බවයි පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් වැඩිදුරටත් සඳහන් කළේ.