Wednesday, May 8, 2024

General line - 0115112241

රතු කුරුස සංවිධානයේ මහ ලේකම්වරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර හමුවක්




අන්තර්ජාතික රතුකුරුස සහ රතු අඩසඳ සම්මේලනයේ මහ ලේකම් ජගාන් චැපගන්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී තිබෙනවා. ඒ, අරලියගහ මන්දිරයේදීයි. 

කොවිඩ් වසංගතය ඇතුළු මෙරට ජනතාව මුහුණ දුන් සෑම ව්‍යවසන අවස්ථාවකදීම ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානය ඔස්සේ ලබාදුන් මානුෂවාදී උපකාර වෙනුවෙන් අන්තර්ජාතික රතුකුරුස සහ රතු අඩසඳ සම්මේලනයට කෘතවේදීත්වය පිරිනමන බවයි අග්‍රාමාත්‍යවරයා එහිදී සඳහන් කළේ. 

ලොව පුරා විහිදී සිටින සාමාජික රටවල් අතර ශ්‍රී ලංකා රතු කුරුස සමාජය ඉතා ක්‍රියාශීලී සහ විනිවිදභාවයෙන් කටයුතු කරන සාමාජිකයෙකු බව අන්තර්ජාතික රතුකුරුස සහ රතු අඩසඳ සම්මේලනයේ මහ ලේකම් ජගාන් චැපගන් ද එහිදී පවසා තිබෙනවා. ඉදිරි සහන සේවා කටයුතුවලදී ද, ශ්‍රී ලංකාවට ප්‍රතිලාභ ලබාදීමට අපේක්ෂා කරන බවයි ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ. 

ලොව විශාලතම මානුෂවාදී සංවිධානය වන අන්තර්ජාතික රතු කුරුස සහ රතු අඩසඳ සම්මේලනය ලොව රටවල් 192 ක් පුරා විහිදී පවතිනවා.