Tuesday, May 7, 2024

General line - 0115112241

මෙරටට පැමිණෙන විදේශිකයන් ගැන සජබයට ප්‍රශ්නයක්




මෙරටට පැමිණෙන විදේශිකයින් කොරෝනා මර්ධන එන්නතේ එක් මාත්‍රාවක් පමණක් ලබාගෙන තිබීම ප්‍රමාණවත් බවට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අනුමත කිරීම ගැටළු සහගත බව සමගි ජනබලවේගය පවසනවා. 

පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පැවසුවේ මෙරට පුද්ගලයන්ට කොරෝනා මර්දන එන්නතේ මාත්‍රා තුනම ලබාගැනීම අනිවාර්ය කර තිබියදී එක් එම එන්නතේ මාත්‍රාවක් පමණක් ලබාගෙන සිටින විදේශිකයින් රටට ඇතුළු කර ගැනීම අනුමත නොකරන බවයි.

රටේ පවතින ඩොලර් හිගයට විසදුමක් ලෙස එලෙස විදේශිකයන්ට රටට ඇතුල්වීමට ඉඩ ලබා ඇති බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

ගාල්ල ප්‍රදේශයේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළා.