Thursday, May 16, 2024

General line - 0115112241

ජාත්‍යන්තර ස්වෛරී බැදුම්කර ණය වාරික ගෙවීමේ දුෂ්කරතාවක් මතුව නෑ - මහබැංකු අධිපති 




රජය විසින් ඉදිරියේදී ගෙවීමට නියමිතව ඇති ජාත්‍යන්තර ස්වෛරී බැදුම්කර ණය වාරික ගෙවීමේ දුෂ්කරතාවක් මතුව නොමැති බව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසනවා. 

එම ණය වාරික ගෙවා දැමිය නොහැකි බවට විපක්‍ෂය, 2007 වසරේදී මෙන්ම වර්තමානයේදීද අසත්‍ය ප්‍රකාශ පතුරවමින් සිටින බවයි මහබැංකු අධිපතිවරයා පෙන්වා දෙන්නේ. 

වත්මන් ආණ්ඩුවේ ස්ථාවර බව ආයෝජකයින් දන්වා බවත් ඉදිරියට ගෙවීමට ඇති ණය වාරික නිසි පරිදි ගෙවා දමන බවත් මහබැංකු අධිපතිවරයා නිකුත් කළ ට්විටර් සටහනක දැක්වෙනවා.