Thursday, May 2, 2024

General line - 0115112241

ට්විටර් සමාජ මාධ්‍ය අඩවියේ බිඳ වැටීමක්




ලොවපුරා ට්විටර් සමාජ මාධ්‍ය අඩවියේ බිඳ වැටීමක් සිදුව ඇති බව වාර්තා වනවා. Downdetector.com ට අනුව මේ වන විට ජංගම දුරකථන යෙදුම් ඔස්සේ හෝ පරිගණක හරහා ට්විටර් සමාජ මාධ්‍ය අඩවිය කිසිදු ක්‍රියාකාරකමක් සිදුකිරීමට එහි පරිශීලකයින්ට නොහැකිවී ඇති බවයි සඳහන් වන්නේ.

කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් ට්විටර් සමාගම කිසිදු නිල ප්‍රකාශයක් සිදුකර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.