Monday, May 6, 2024

General line - 0115112241

ඇෆ්ගනිස්තානයේ ගුවන් විදුලි නාලිකා 86 ක් වැසේ




ඇෆ්ගනිස්තානයේ ගුවන් විදුලි නාලිකා 86ක පමණ මෙහෙයුම් නවතා දමා ඇතැයි වාර්තාවනවා. තලේබාන් සංවිධානය එරට පාලන බලය තහවුරැ කරගෙන ගතවූ මාස 06 ක කාල සීමාව තුළ මෙම තත්වය නිර්මාණය වී ඇති බව සදහන්.

ආරක්ෂක ,දේශපාලන සහ මූල්‍ය ගැටලු මෙම තත්වයට හේතුව බවයි ඇෆ්ගනිස්තානයේ මාධ්‍ය සංවිධාන පවසන්නේ.

ඒ අනුව මේ වනවිට ඇෆ්ගනිස්තානයේ ක්‍රියාත්මක වු ගුවන් විදුලි නාලිකා අතරින් සියයට හැත්තෑවක් පමණ මෙහෙයුම් නවතා දමා තිබෙනවා.

ආර්ථික, දේශපාලන ගැටලු සහ තලේබාන් පාලකයන් විසින් රටේ ගුවන් විදුලි නාලිකා වෙත පනවා ඇති බද්දක් හේතුවෙන් දැනට ක්‍රියාත්මක ගුවන් විදුලි නාලිකා ද පවත්වාගෙන යන්නේ අසීරැ⁣වෙන් බව එරට ගුවන් විදුලි නාලිකා ප්‍රධානීන් රැසක් ටොලෝ නිවුස් වෙත පවසා තිබෙනවා.

තලේබාන් සංවිධානය පාලනය අත්පත්කරගත් දා සිට මේ දක්වා කාලසීමාවේදී ඇෆ්ගනිස්තානයේ වැසී ගොස් ඇති මාධ්‍ය ආයතන සංඛ්‍යාව 300කට අධිකයි.