Sunday, May 5, 2024

General line - 0115112241

අප්‍රියෙල් මාසයේ දී ගුවන විවෘත කිරීමට ඉන්දියාව සූදානම් වෙයි




එළඹෙන අ‍ප්‍රියෙල් මාසය වන විට ජාත්‍යන්තර ගුවන් ගමන් සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට ඉන්දියාව සැලසුම් කර ඇතැයි වාර්තා වනවා.

එරට සිවිල් ගුවන් සේවා අධිකාරිය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ පෙබරවාරි මස 28 වනදා අවසන්වීමට නියමිත ජාත්‍යන්තර ගුවන් ගමන් අත්හිටුවීම අවසන් වතාවට මාර්තු අවසානය දක්වා දීර්ඝ කරනු ඇති බවයි.

ඉන් අනතුරැව සාමාන්‍ය පරිදි  ජාත්‍යන්තර ගුවන් ගමන් පවත්වාගෙනයාම ඉන්දියාවේ සැලසුම බවත් ඒ සදහා අවශ්‍ය  කටයුතු සැකසෙමින් ඇති බවත් එරට මාධ්‍ය වාර්තා කරනවා.

2020 වසරේ මාර්තු මාසයේ දී කොරෝනා වංසගතය හමුවේ ඉන්දියාව ජාත්‍යන්තර ගුවන් ගමන් අත්හිටවනු ලැබුවා. 

2021 වසරේ දෙසැම්බර් 15 වනදා සිට යළි සාමාන්‍ය පරිදි ජාත්‍යන්තර ගුවන් ගමන් ඇරඹීමට ඉන්දියාව සැලසුම් කර තිබුණත් ඔම්ක්‍රෝන් කොරෝනා ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමග එය ක්‍රියාත්මක කෙරැණේ නැහැ.

කෙසේවෙතත්,   මේ වනවිට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 28 ක් සමග ඉන්දියාව ගුවන් බුබුළු ක්‍රමවේදය ඔස්සේ සීමිතව අන්තර්ජාතික ගුවන් ගමන් ක්‍රියාත්මක කරනවා.