Saturday, May 4, 2024

General line - 0115112241

යුරේනයේ ඉලක්ක කළ යුතු පුද්ගලයින්ගේ ලැයිස්තුව රුසියාව සකස් කර අවසන් : අමෙරිකාව කියයි




රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසුව එහිදී තමන් ඉලක්ක කළ යුතු පුද්ගලයින් කවරේදැයි යන්න සම්බ්න්ධයෙන් ලැයිස්තු ගත කර තිබෙන බවට අමෙරිකාව විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම වෙත ලිපියක් මාර්ගයෙන් දැනුම් දී තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැච්ලට් වෙත ලිපියක් යොමු කරමින් අමෙරිකාව සඳහන් කර සිටින්නේ යම් අයුරකින් රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කළහොත් ඇතිවිය හැකි මානව හිමිකම් උල්ලංඝණ වීමේ සිදුවීම් ගණන උපකල්පනය කර නොහැකි බවයි.

යුක්රේනයේ වෙසෙන සුළු ජාතින්, දුෂණ විරෝධී සංවීධාන ක්‍රියාකාරීන්, මාධ්‍යවේදීන් සහ සමලිංගිකයින්ව රුසියාව විසින් ඉලක්ක කරනු ඇති බවයි එම ලිපියෙන් වැඩිදුරටත් කරුණු අවධාරණය කර සිටින්නේ.

" අපට සැලකිය යුතු තොතුරු ලැබී තිබෙනවා රුසියානු හමුදාවන් විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් ඉලක්ක කළ යුතු පුද්ගලයින් කවුරුන්ද කියා. ඇතැම් විට මෙම පුද්ගලයින් ඝාතනය කිරිමට හෝ රඳවා තබා ගැනීමේ කඳවුරු වෙත යොමු කිරිමට ඔවුන් සැලසුම් කර ඇති." එම ලිපියේ වැඩිදුරටත් සඳහන්.

කෙසේ වෙතත් අමෙරිකාව විසින් තමන්ට මෙම තොරතුරු ලැබුණු ආකාරය සම්බන්ධයෙන් කිසිදු හෝඩුවාවක් සඳහන් කර නොමැති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර සිටින්නේ.