Wednesday, May 1, 2024

General line - 0115112241

සියලුම යුක්රේනුවන්ට රුසියාවෙන් ඉවත්වෙන්නැයි දැනුම් දෙයි




වහාම ක්‍රියාත්මක වන පරිදි සිය පුරවැසියන්ට රුසියාවෙන් ඉවත්වන ලෙස යුක්රේන රජය විසින් දැනුම් දී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

යුක්රේන ජාතිකයින් මිලියන 03ක් පමණ රුසියාවේ ජිවත්වන බවයි වාර්තා වන්නේ.

මේ අතර ඉදිරි දින 30ක කාලය සඳහා යුක්රේනයට හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරිමට පියවර ගෙන තිබෙනවා.

එරට ආරක්ෂක කවුන්සිලය අද රැස්වූ අතර එහිදී මෙම තීරණය ගෙන තිබෙනවා. කෙසේ වුවත් මෙම තීරණය යුක්රේන පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කොට එහිදී අනුමැතිය ලබාගත යුතුව ඇත.

මේ අතර යුක්රේන විදේශ කටයුතු අමාත්‍යවරයා බටහිර රටවලින් විශේෂ ඉල්ලීමක් කරනු ලැබුවා. ඔහු සඳහන් කර සිටියේ හැකි තරම් රුසියාවට එරෙහිව සම්බාධක පැනවීමට බටහිර රටවල් පියවර ගත යුතු බවයි.