Monday, April 29, 2024

General line - 0115112241

හමුදා භටයින් 300ක් රැගත් රුසියානු ගුවන් යානා 02ක් යුක්රේනය බිම හෙලයි : දෙපාර්ශවය අතර දරුණු ගැටුම්




රුසියාව යුක්රේනයට එල්ල කරන ප්‍රහාර වහාම නවත්තන ලෙසත් යුක්රේන භුමියේ සිටින සිය හමුදා ඉවත් කර ගන්නා ලෙසට දන්වමින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට එදිරිපත් කළ යෝජනාවට සාමාජික රටවල් 15 වෙන් පක්ෂව ඡන්ද 11ක් ලැබුණු අතර චීනය, ඉන්දියාව සහ එක්සත් එමීර් රාජ්‍යය ඡන්දය එහිදී දීමෙන් වැලකී සිටියා.

කෙසේ වුවද රුසියාව සිය නිෂේධ බලය පාවිච්චි කර එම යෝජනාව පරාජයට පත් කරනු ලැබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

මේ අතර ඊයේ රාත්‍රියේ ද යුක්රේනයේ ස්ථාන රැසක දරුණු ගැටුම් ඇවිලී ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. රාත්‍රිය පුරාම පිපිරුම් ශබ්ද, බර අවි ප්‍රහාර සහ ගුවන් ප්‍රහාර වලින් පිරුණු රාත්‍රියක් බවයි එම වාර්තා සඳහන් කළේ.

යුක්රේනයේ අගනුවර ඉලක්ක කර ගනිමින් රුසියානු විශේෂ බලකායට අයත් හමුදා කණ්ඩායම් දෙකක් රැගෙන පැමිණි බවට සැක කෙරෙන IL -76 වර්ගයේ ගුවන් යානා දෙකක් යුක්රේන ගුවන් යානා නාශක ප්‍රහාර වලින් බිම හෙළූ බවට යුක්රේන රජය ප්‍රකාශ කර සිටිනවා.

අවම වශයෙන් එම ගුවන් යානා දෙක තුල රුසියානු සෙබළුන් 300 දෙනෙකු පමණ සිටින්නට ඇති බව ඔවුන් සඳහන් කර සිටිනවා. 

කෙසේ වුවද මෙම වාර්තාවන් පිලිබඳව මෙතෙක් රුසියාව නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

කියෙව් අගනුවර ඉලක්ක කර ගනිමින් බටහිර දෙසින් ඉදිරියට ඇදුනු රුසියානු හමුදාවන්ට දරුණු ප්‍රති ප්‍රහාරයක් එල්ල කොට ඔවුන් පසු බැස්සවීමට සිය හමුදාවන්ට හැකිවූ බව යුක්රේන රජය ප්‍රකාශ කර සිටිනවා.