Friday, May 3, 2024

General line - 0115112241

චීනය කොංගෝවේ රන් සොයයි




චීන සමාගම් විසින්  අප්‍රිකානු රාජ්‍යයක් වන කොංගෝ  ජනරජයේ රන් ආකර කර්මාන්තය වෙත පිවිස ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කෙසේවෙතත්, මෙහිදී එම සමාගම් රන් සෙවීමේ කටයුතුවලදී නීති විරෝධී කටයුතු රැසක නිරත වන බවට ද චෝදනා එල්ල වී තිබීම විශේෂත්වයක්.

‍මෙම රන් ආකර හේතුවෙන් කොංගෝ ජනරජයේ  ජෛව විවිධත්වයෙන් යුත් පරිසරය විනාශවීම මෙන්ම එහි ජනතාවගේ සම්ප්‍රදායික ජීවන රටාව බිද වැටීම ද සිදුව ඇති බව සදහන්.

මෙම තත්වයට එරෙහිව ජනතා උද්ඝෝෂණ දියත් වී ඇතත් එරට හමුදාව සහ විවිධ සන්නද්ධ කල්ලි සමග සම්බන්ධ වී ඒවා දරැණු ලෙස මැඩපැවැත්වීමට මෙම සමාගම් කටයුතු කරන බවට ද  චෝදනාවක් එල්ල වී තිබෙනවා.

කොංගෝ ජනරජයේ රන් ආකර සහ ඒ ආශ්‍රිත වෙළෙදාම විවිධ ජාවාරම්කරැවන් විසින් මෙහෙයවන බවත් මෙම සමාගම් ද එම ජාවාරම්කරැවන් සමග එක්ව කටයුතු කරන බවටත්  මාධ්‍ය මගින් චෝදනා එල්ල කර ඇත්තේ එවැනි සිදුවීම් ගණනාවක් පිළිබද උදාහරණ ද සමගින්.