Friday, May 3, 2024

General line - 0115112241

යුක්රේනයේ කොටුවුණු සාක් රටවලට සිසුන්ටත් ඉන්දියාව පිහිටට එයි




යුද ගැටුම්වලට මැදිව යුක්රේනයේ ‍කොටුවී සිටින පකිස්තානය, බංගලිදේශය සහ නේපාලය වැනි සෙසු සාක් රටවල සිසුන්  ඉවත් කර ගැනීමට ද ඉන්දියාවේ සහය හිමිවී තිබෙනවා.

විදෙස් වාර්තා සදහන් කළේ යුක්රේනයේ කොටුවී සිටින ඉන්දීය සිසුන් මුදවා ගැනීම සදහා ක්‍රියාත්මක ඔපරේෂන් ගංගා නම් මෙහෙයුම යටතේ අසල්වැසි සාක් ර‍ටවල සිසුන් ද බේරා ගෙන ඇති බවයි.

ඒ ය‍ටතේ යුක්රේනයේ සිට රැගෙන ආ නේපාල සහ බංගලිදේශ සිසුන් පිරිසක් ඊයේ දිල්ලි ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත රැගෙන විත් තිබෙනවා.

මේ අතර යුක්රේනයේ කාර්කිව් හි කොටුවී සිටි පකිස්තාන සිසුන් පිරිසක් එහි ඉන්දීය තානාපති කාර්යාලය විසින් යොදවා තිබූ විශේෂ බස් රථ මගින් ආරක්ෂිත නගර කරා රැගෙනවිත් ඇති බව සදහන්. 

යුක්රේනයේ කොටුවී සිටින සිය වැසියන් මුදා ගැනීම සදහා විශේෂ මෙහෙයුමක් දියත් කරන එකම රට ඉන්දියාව වන අතර මේ යටතේ මේ වනවිට විශේෂ ගුවන් යානා 63 ක් යොදාගෙන පුද්ගලයන් 13,300 ක් පමණ ඉවත් කරගෙන ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කරනවා.

මෙහිදී යුක්රේනයේ සිටින ඉන්දියානුවන් අසල්වැසි පෝලන්තය, ස්ලොවෙකියාව, හංගේරියාව සහ රැමේනියාව වෙත ගොඩබිම් මාර්ග ඔස්සේ රැගෙන එන අතර එහි සිට විශේෂ ගුවන් යානා මගින් ඉන්දියාව වෙත රැගෙන එනු ලබනවා.