Sunday, May 5, 2024

General line - 0115112241

පොහොර කඩයකින් අධිවේගී මාර්ගයේ කාර්යාලයකට බත් පාර්සල් ලබා ගත් බවට බිලක්




කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ සේවය කළ හිටපු නිළධාරියෙකු සේවකයන්ට බත් පාර්සල් ලබාදුන් බවට සීදුව කාර්යාලයට පොහොර අලෙවි සැලකින් බිල්පත් ඉදිරිපත් කර ඇතැයි නෙත් නිවුස් වෙත වාර්තා වුණා. 

ඉකුත් මැයි 15වනදා සිට 28වනදා දක්වා කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ මෙහෙයුම් අංශයේ සේවකයන්ට එලෙස බත් පාර්සල් ලබා දුන් බවට අදාළ නිළධාරියා ඉදිරිපත් කර ඇති බිල්පත්වල වටිනාකම රුපියල් 27,370ක්. ඒ සඳහා ඔහු විසින් සීදුව ප්‍රදේශයේ අදාළ පොහොර සහ කෘෂිකාර්මික උපකරණ අලෙවි සැලෙන් බිල්පත් 35ක් ලබාගෙන අධිවේගී මාර්ග ඒකකයේ සීදූව කාර්යාලයට ඉදිරිපත් කර තිබෙනවා. 

ඒ පිළිබඳ සැකසිතී එම කාර්යාලයේ නිළධාරීන් විසින් බිල්පත්වල සඳහන් ලිපිනයට ගොස් සිඳුකළ සොයාබැලීමකදී අනාවරණ වී ඇත්තේ අදාළ අලෙවි සැලද බිල්පත් නිකුත් කිරීමට පෙර සිටම වසා දමා තිබූ ස්ථානයක් බවයි. 

අදාළ නිළධාරියා මාර්ග සංවර්ධන අධිකාරියට අයත් ඉඩමක වටිනා ගස් කිහිපයක් අනවසරයෙන් කපා විකිණීමේ සිද්ධියට චෝදනා ලබා මේ වනවිට ස්ථින මාරු කර ඇති බවයි නෙත් නිවුස් වෙත වැඩිදුරටත් වාර්තා වුණේ.