Sunday, May 5, 2024

General line - 0115112241

බස් සංගම් සහ ප්‍රවාහන අමාත්‍යවරයා අතර තීරණාත්මක සාකච්ඡාවක




පෞද්ගලික බස් සංගම් සහ ප්‍රවාහන අමාත්‍යවරයා අතර තීරණාත්මක සාකච්ඡාවක් මේ වන විට පැවැත්වෙනවා. ඒ ප්‍රවාහන අමාත්‍යාංශයේදීයි. එම  සාකච්ඡාව පැවැත්වෙන්නේ ලබන අඟහරුවාදා සිට බස් ගාස්තු වැඩි කිරීමට ප්‍රවාහන අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇති පසුබිමක් තුළයි. 

කෙසේවෙතත් ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න එම සාකච්ඡාවට සහභාගි වීමට පෙර නෙත් නිවුස් වෙත කියා සිටියේ බස් ගාස්තු කඩිනමින් ඉහළ දැමිය යුතු බවයි. 

අද දිනයේද පෞද්ගලික බස් රථ ධාවනය වන්නේ ඊයේ දිනයටත් වඩා අඩු සංඛ්‍යාවක් බවයි සමස්ථ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත්. 

ඉන්ධන මිල ඉහළ දමා ඇති පසුබිමක, බස් ගාස්තු ඉහළ දැමීම තවදුරටත් ප්‍රමාද වන්නේ නම් බස්රථ ධාවනයෙන් සම්පූර්ණයෙන් ඉවත්වන බවයි සමස්ථ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් වැඩිදුරටත් සඳහන් කළේ.

කෙසේ වෙතත් බස් සංගම්වල එම ඉල්ලීම සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම පැයසුවේ මෙවන් අදහසක්.