Sunday, May 5, 2024

General line - 0115112241

පාසල් ගැන මහජන සෞඛ්‍යවරුන්ගේ නොසතුට

ජූඩ් සමන්ත




ඇතැම් පාසල්වල සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි සභාපති උපුල් රෝහණ පැවසුවේ ඉකුත් සතියේ පාසල් ආශ්‍රිතව සිදුකළ පරික්ෂාවලදී ඒ බව අනාවරණය වූ බවයි. 

වයස අවුරුදු 12ට අඩු දරුවන්ට කිසිදු එන්නතක් ලබා නොදෙන බැවින් පාසල් තුළදී සෙසු පිරිස් සෞඛ්‍ය උපදෙස් දැඩිව පිළිපැදීම අත්‍යාවශ්‍ය බවයි ඔහු සඳහන් කළේ. 

හෙට සිට සියළු සිසුන් සාමාන්‍ය පරිදි පාසල් වෙත කැදවනු ලබනවා. ඒ අනුව හෙට සිට පාසල් ආශ්‍රිතව පරික්ෂා කිරීම් දැඩි කරන බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ වැඩි දුරටත් සඳහන් කළේ.