Sunday, May 5, 2024

General line - 0115112241

පාසල් වෑන් රථ ගාස්තුත් ඉහළට




ඉන්ධන මිල වැඩිවීම හේතුවෙන් පාසල් වෑන් රථ රියදුරන්ද සිය ගාස්තුද ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ සභාපති මල්ශ්‍රී ද සිල්වා නෙත් නිවුස් කළ විමසීමකදී සදහන් කළේ වෑන් රථවල ගමන් කරන දරුවන්ගේ මව්පියන් සමග සාකච්ඡා කර සාධාරණ මිලකින් ගාස්තු වැඩි කරන ලෙසට සිය සාමාජිකයන්ට දැන්වූ බවයි.

පාසල් වෑන් රථ සේවාව මේ වනවිට පත්වාගෙන යන්නේ පාඩු ලබමින් බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.