Saturday, May 4, 2024

General line - 0115112241

හෙට මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු ඉහළට




හෙට මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු ඉහළ දැමිය හැකි බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා. ප්‍රායෝගික ගැටළු පැවතියත් බස් ගාස්තු මිල ඉහළ දැමීමට පාදක කරගනු ලබන්නේ ඛණිජ තෙල් සංස්ථාවේ ඉන්ධන මිල ගණන් සැසදීමෙන් බවයි අමාත්‍යවරයා නෙත් නිවුස් වෙත කියා සිටියේ.  

බස් ගාස්තු ඉහළ දැමීමට අදාළව සකස්කළ ඛාණ්ඩ වර්ග 02ක් හෙට දිනයේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් ඉන් සම්මත වන  ක්‍රමය යටතේ බස්ගාස්තු ඉහළ දමන බවයි ප්‍රවාහන අමාත්‍යවරයා පැවසුවේ. 

කෙසේවෙතත් ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ හෙට දිනයෙත් බස් ධාවනයේ අඩුවක් පැවතිය හැකි බවයි. 

එහෙත් අන්තර් පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති සරත් විජිත කුමාර බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන්ගෙන් ඉල්ලීමක් කළා.