Saturday, May 4, 2024

General line - 0115112241

බ්‍රිතාන්‍යය සංචාරක උපදේශනය යාවත්කාලින කරයි : ශ්‍රී ලංකාවේ ආර්ථික ගැටළු ගැන සිය සංචාරකයින්ට දැනුවත් කරයි




ශ්‍රී ලංකාවේ සංචාරය කරනු ලබන බ්‍රිතාන්‍යය පුරවැසියන් සඳහන් එරටවිදේශ කටයුතු අමාත්‍යාංශය විසින් සංචාරක උපදේශනයක් නිකුත් කර තිබෙනවා. ඒ මෙරට ඇතිවී තිබෙන ආර්ථික තත්ත්වය සම්බන්ධවයි.

ඒ අනුව බ්‍රිතාන්‍යය විදේශ කටයුතු අමාත්‍යංශ වෙබ් අඩවියේ මෙසේ සඳහන් කර ඇත,

" ආනයනය සඳහා ගෙවීමට අපහසු මුදල් හිඟයක් හේතුවෙන් ඖෂධ, ඉන්ධන සහ ආහාර ඇතුළු මූලික අවශ්‍යතා හිඟයක් ඇතිව ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය පිරිහෙමින් පවතී. සිල්ලර වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල් සහ ෆාමසිවල දිගු පෝලිම් තිබිය හැක. පළාත් පාලන ආයතන විසින් විදුලිය සලාකනය කිරීම පැනවිය හැකි අතර, එහි ප්‍රතිඵලයක් ලෙස විදුලිය ඇනහිටීම් සිදුවේ."