Sunday, May 5, 2024

General line - 0115112241

ඉන්ධන බවුසර් හිමියන් ගාස්තු ඉහළ නංවයි




ඉන්ධන මිල ඉහළ දැමීම හා අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහළයාම හේතුවෙන් සිය ප්‍රවාහන ගාස්තු වැඩි කිරීමට සිදුවන බව ලංකා ඛණිජතෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසනවා. 

වාහන අමතර කොටස්වල මිල ඉහළ යාම හා සේවක වැටුප් ගෙවීම වැනි කරුණු පිළිබඳ අවධානය යොමු කර සියයට 60ක ප්‍රතිශතයකින් ප්‍රවාහන ගාස්තු වැඩි කිරීමක් ලබාදෙන ලෙසයි ලංකා ඛණිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය, ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාවෙන් ඉල්ලීමක් කළේ මේ, එම සංගමයේ සම ලේකම් ඩී වී එස් සිල්වා.

සියයට 60 ප්‍රතිශතයකින් ප්‍රවාහන ගාස්තු වැඩිකිරීමක් සිදුනොකළහොත් ධාවනයෙන් ඉවත්වන බව ද ලංකා ඛණිජතෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළා.