Sunday, May 5, 2024

General line - 0115112241

IMF නියෝජිතයෙක් අද දිවයිනට




ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයෙක් අද දිනයේ දිවයිනට පැමිණීමට නියමිව තිබෙනවා. එම නියෝජිතයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හමු වීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ. 

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තක්සේරුව පිළිබඳ එම නියෝජිතයා ජනාධිපතිවරයා සහ මුදල් අමාත්‍යවරයා දැනුවත් කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍යවල දැක්වෙන්නේ.  

මේ අතර රට තුළ පවතින ඩොලර් අර්බුදයට සහ ඊට ගතයුතු ආර්ථික උපදෙස් ලබා ගැනීම සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉදිරියේදී අමෙරිකාව බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා. එහිදී ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ කළමණාකරණය පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානීන් සමග මුදල් අමාත්‍යවරයා සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්ථා වන්නේ.