Wednesday, May 8, 2024

General line - 0115112241

අද විදුලි කප්පාදුව සිදුකරන අයුරු




අද දිනයේද විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා. ඒ අනුව උදෑසන 08 සිට රාත්‍රී 10 දක්වා විදුලි කප්පාදුව සිදු වනු ඇති. ඒ, පැය 03 යි විනාඩි 45 ක කාලයක් සඳහායි. 

A සිට H දක්වා කලාපවලට පෙරවරු 8 සිට සවස 6 දක්වා පැය දෙකයි විනාඩි 30 ක විදුලි විසන්ධි කිරීමක් සිදුවනු ඇති. එම කලාපවලට යළි සවස 6 යේ සිට රාත්‍රී 11 දක්වා පැයයි විනාඩි 15 ක කාලයක් විදුලිය විසන්ධි කිරීමට නියමිතයි. 

P සිට W දක්වා කලාපවලට පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා පැය දෙකක විදුලි කප්පාදුවක්ද, පස්වරු 5 සිට රාත්‍රී 9 දක්වා පැයක විදුලි කප්පාදුවක්ද සිදුකරන බව මහජන උපයෝගිතා කොමිසම පැවසුවා.

විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන නොමැති වීම මෙම විදුලි කප්පාදුවට හේතුවයි. කෙසේවෙතත් බලශක්ති අමාත්‍යංශය පැවසුවේ මේ වන විට රට තුළ ප්‍රමාණවත් ඉන්ධන තොග ඇති බවයි. ඩීසල් මෙට්ට්‍රික් 38,300 ක් රැගෙන මෙරටට පැමිණි නෞකාවකින් ඩීසල් ගොඩබෑම ඉකුත්දා ආරම්භ කළා. 

ගොඩබා ඇති ඩීසල්වලින් මෙට්ට්‍රික් ටොන් 2,000 ක් පිට පළාත්වලට පිටත් කර තිබෙනවා. තවත් ඉන්ධන නෞකාවකට තවමත් මෙරට මුහුදු සීමාවේ නැංගුරම්ලා සිටීමට සිදුව ඇත්තේ මේ දක්වා ඊට අදාළ මුදල් නොගෙවීම හේතුවෙන්. එම නෞකාවේ ඩීසල් මෙට්ට්‍රික් ටොන්  20,000 ක් ඇතුලත්. තවත් පෙට්‍රල් මෙට්ට්‍රික් ටොන් 37,500 ක් රැගත් නෞකාවක් අද මෙරටට පැමිණීමට නියමිතයි.