Thursday, May 16, 2024

General line - 0115112241

කොවිඩ් හදිසියේ මතුවී චීනයට යළි අගුල් වැටේ




චීනය තුළ යළි හදිසියේ මතුවූ කොවිඩ් රැල්ලක් හේතුවෙන් එරට කටයුතුවලට දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා. ප්‍රදේශ වසා දැමීම ඇතුලු දැඩි කොවිඩ් රෙගුලාසිවලට යටත්වීමට සිදුව ඇති සංඛ්‍යාව මිලියනයකට අධිකයි. 

ප්‍රධාන බහුජාතික සමාගම් රැසක මෙහෙයුම්ද නතරවී තිබෙනවා. ඒ අතරට ටොයෝටා, වොක්ස් වැගන් සහ ඇපල් යන සමාගම්ද අයත්. ප්‍රදේශ වසා දැමීමෙන් සැපයුම් ජාලද බිද වැටී තිබෙනවා. මෙම තත්ත්වය සැලකෙන්නේ කොවිඩ් ව්‍යාප්තිය ආරම්භ වූ සමයේ සිට වාර්තාවූ විශාලතම බලපෑම ලෙසයි.

අද දිනයේ පමණක් චීනයෙන් කොවිඩ් ආසාදිතයින් 5,000 කට වඩා වැඩියෙන් වාර්තාවී තිබෙනවා. චීනයේ ඊසානදිග ප්‍රදේශයේ මිලියන 24 ක ජනතාවට නිරෝධායනයනය වන ලෙස නියෝග කර ඇති අතර කොවිඩ් ව්‍යාප්තිය ආරම්භවූ සමයේ වුහාන් පලාත වසා දැමීමෙන් පසු සම්පූර්ණ පළාතක්ම වසා දැමූ පළමු අවස්ථාව මෙයයි. 

මිලියන 12 යි දශම 5 ක් වෙසෙන චීනයේ “ෂෙන් සෙන්” නගරය දින 05 කට වසා දමා ඇත්තේ සියලු බස් රථ සහ උමන් මාර්ග සේවාද අත්හිටුවමින්.