Saturday, April 27, 2024

General line - 0115112241

මගීන් 132ක් රැගත් ගුවන් යානයක් දකුණු චීනයට කඩා වැටෙයි




මගීන් 132ක් රැගත් චීන ඊස්ටන් ගුවන් සමාගමට අයත් බෝයින් 737 ගුවන් යානයක් කඩා වැටී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ එම ගුවන් යානය දකුණු චීනයේ ගුවන්ශි ශුආන්ග් කලාපයට කඩා වැටී ඇති බවයි. 

එම අවස්ථාවේ කාර්ය මණ්ඩලයේ 09දෙනෙකු ගුවන් යානයේ රැදී සිට තිබෙනවා. කුමින් සිට ගුවන්ශු තෙක් පියාසර කරමින් තිබියදී අද දහවල් කාලයේ ගුවන් යානය කඩා වැටී ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. 

කෙසේවෙතත් ගුවන් යානයේ සිටි මගීන් කිසිවෙකුත් පිළිබද මෙතෙක් තොරතුරු වාර්තා  වී නොමැති අතර සහන කණ්ඩායම් එම ප්‍රදේශයට ගමන් කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කළේ.