Wednesday, May 8, 2024

General line - 0115112241

දින 06 කදී 05 වන වරටත් ඉන්දියාවේ ඉන්ධන මිල ඉහළ යයි




ගෝලීය බලපෑම් මත ඉන්දියාවේ ඉන්ධන මිල ගණන් ද මේවනවිට සැලකිය යුතු මට්ටමින් ඉහළ යමින් තිබෙනවා. ඒ අනුව අද දිනයේද එරට පෙට්‍රල් හා ඩීසල් මිල ගණන් ඉහළ ගොස් ඇති බවයි ඉන්දීය මාධ්‍ය පැවසුවේ. අද දිනයේ සිදුවූ මිල ඉහළ යාමත් සමග දින 06 ක් තුළ අවස්ථා 05 කදී ඉන්දියාවේ ඉන්ධන මිල ගණන් ඉහල ගොස් ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. 

අද දිනයේදී ඉන්දියාව තුළ පෙට්‍රල් ලීටරයක මිල ඉහළ ගොස් ඇත්තේ ශත 50 කින්. ඩීසල් ලීටරයක මිල ශත 55 කින් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ඉකුත් 22 වනදා සිට ගතවු දින 06 තුලදී ඉන්දියාව තුළ පෙට්‍රල් ලීටරයක් රුපියල් 3 යි ශත 70 කින් ඉහළ ගොස් ඇති අතර ඩීසල් මිල ඉහළ ගොස් ඇත්තේ රුපියල් 3 යි ශත 75 කින්. 

ඒ අනුව දිල්ලි ප්‍රාන්තයේ පෙට්‍රල් ලීටරයක නව මිල ඉන්දීය රුපියල් 99 යි ශත 11 ක් වනවා. එම ප්‍රාන්තය තුල ඩීසල් ලීටරයක් අලෙවි වන්නේ ඉන්දීය රුපියල් 90 යි ශත 42 කටයි. 

මේ අතර ලෝක වෙළඳපලේ බොරතෙල් මිල ගණන් ද අද දිනයේදී ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව බි්‍රතාන්‍ය බ්‍රෙන්ට් වෙළඳපලේ බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ අමෙරිකානු ඩොලර් 120 ක් ලෙසයි. අමෙරිකානු බොරතෙල් බැරලයක මිල ඩොලර් 114 ක් ලෙස සටහන් වුණා.