Thursday, May 16, 2024

General line - 0115112241

හිටපු ජනාධිපතිවරයා රටට එරෙහිව කළ හතුරැකම එළියට ආ හැටි




“මම අපේ ශ්‍රේෂ්ඨ ජාතියේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙනවා. ඒ පිටතින් එන කිසිම තර්ජනයක් නිසා නොව අභ්‍යන්තරයෙන් ක්‍රියා කරන ද්‍රෝහී බලවේග නිසා.”  එසේ පවසන්නේ දෙවන ලෝක යුද්ධයේදී පැසිෆික් කලාපයේ ඇමෙරිකාව වෙනුවෙන් විශාල කොටසක් ඉටුකළ හමුදා ප්‍රධානියකුවූ ජෙනරල් ඩග්ලස් මැක්ආතර් ය. ඔහුගේ මෙම ප්‍රකාශය සිහිපත් වන්නේ අප පහතින් කියන්නට යන සිදුවීම්වලට එය වඩාත් ගැලපෙන බැවින්.

මෙහිදී කරුණු කිහිපයක් ඔස්සේ කතාව දිගහැරෙනවා. පහතින් දැක්වෙන්නේ එම කරුණුය. 2015 දී මාලදිවයින් ප්‍රවෘත්තිවල පළ වූ 'මෝල්ටා ගනුදෙනුව' කුමක්ද?, යමීන් විසින් මෝල්ටා ජනාධිපතිවරයාට යැවීමට උප ජනාධිපති අදීබ්ට ලබාදුන් ලිපියේ ඇතුළත් කර තිබූ රහස කුමක්ද?, යමීන් තවත් දූෂිත ගනුදෙනුවක් සිදුකිරීමට ජාතියේ ආරක්ෂාව පරදුවට තැබුවාද?, එහිදී විපක්ෂයේ ඉක්මන් මැදිහත්වීම නිසා මාලදිවයින බේරුණාද?

පසුගිය මාර්තු 25 දින, මාලදිවයින් විපක්ෂ සභාගය සහ එහි නායක අබ්දුල්ලා යමීන් එක්ව 'ඉන්දියාව ඉවත්වනු' තේමාව උද්ඝෝෂණයක් දියත් කරනු ලැබුවා. 'යුක්තියට බාධා කිරීම සහ සාමකාමී රැස්වීමේ පනත' උල්ලංඝනය වන ආකාරයෙන් පැවැති මෙම විරෝධතාවට සහභාගී වූ සැලකියයුතු පිරිසක් අත්අඩංගුවට ගැනීමට රජයට සිදුවුණා. කෙසේවතත් මෙම අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් අදහස් දක්වමින් යමීන් අනතුරු අඟවා තිබුණේ තම පක්ෂය බලයේ සිටියේ නම් මෙම ක්‍රියාවලට මැදිහත්වූ පොලිස් නිලධාරීන්ගේ තනතුරු අහිමි කිරීමට තමන් කටයුතු කරන බවයි.

‘ඉන්දියාව ඉවත්වනු’ යනු යමීන් සහ ඔහුගේ ආධාරකරුවන් විසින් මාලදිවයිනේ ඉන්දීය හමුදා රැඳී සිටීමට එරෙහිව සංවිධානය කරන ලද ව්‍යාපාරයකි. ඉන්දීය හමුදාවන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව ඔවුන් පවසනවා. එහෙත් විචාරකයන් පෙන්වාදෙන්නේ, යමින්ගේ අදහස් දෙස බලන විට, මෙම ව්‍යාපාරය දේශපාලන වාසි ලබා ගැනීම සඳහා ඉතා හොඳින් ක්‍රියාත්මක කරන ලද ප්‍රචාරයක කටයුත්තක් බවයි.

‘ඉන්දියාව ඉවත්වනු’ ව්‍යාපාරය ආරම්භ කරන ලද්දේ 2021 වසරේදී අත්සන් කරන ලද ගිවිසුමක් පදනම් කරගෙනයිගමෙම ගිවිසුම 2021 පෙබරවාරි 21 වන දින ඉන්දියාව සහ මාලදිවයින අතර අත්සන් කෙරුණා. ගිවිසුමෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොමැති බව රජය සාක්ෂි සහිතව පෙන්වාදී තිබියදීත්, විපක්ෂය දිගින් දිගටම චෝදනා ගොනුකරමින්, සාමාන්‍ය ජනතාවගේ හදවත් තුළ භීතිය ඇති කිරීමට පටන් ගනු ලැබුවා. 

කෙසේවෙතත් විපක්ෂයේ මෙම චෝදනාවන්වල සත්‍ය අසත්‍ය බව අද වන විට නම හොඳින්ම දැකගන්නට පුළුවන්. මාලදිවයිනය ගොඩබසින ලද ඉන්දීය හමුදාවන් වෙතින් කිසිදු ආකාරයක අනවශ්‍ය අභ්‍යන්තර මැදිහත්වීමක් සිදුකෙරී නැහැ. එහෙත් යමීන්ට අවශ්‍යව ඇත්තේ ජනතාව ප්‍රකෝප කර එම හමුදාවන් සමග ගැටුමක් නිර්මාණය කරවීමයි.

අදාළ  ගිවිසුමට අනුව ඉන්දීය හමුදා නිලධාරීන්ට මාලදිවයිනේ නිදහසේ ක්‍රියා කළ නොහැකි බවත්, ඔවුන්ගේ මෙහෙයුම් සහ රැඳී සිටින කාලය මාලදිවයිනේ රජය විසින් අනුමත කළ යුතු බවත් මාලදිවයිනේ ආරක්ෂක අමාත්‍යවරයා ඉතා පැහැදිලිව ප්‍රකාශ කර තිබෙනවා. එලෙස රජයෙන් පැහැදිලි කිරීමක් ලබා දී තිබියදී අමීන් ඒ ගැන මේ ආකාරයට දිගින් දිගටම හඬා වැලපෙන්නේ කුමක් නිසාද? මුලදී මිනිසුන් ‘ඉන්දියාව ඉවත්වනු’ ව්‍යාපාරය පිළිබඳ යමීන්ගේ අදහස යම් තරමකට පිළිගත් නමුත් වැඩිකල් නොගොස්ම ඔවුහු යමීන්ගේ බොරුව තේරුම් ගනු ලැබුවා. 

2023 ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට මෙම ‘ඉන්දියාව ඉවත්වනු’ ව්‍යාපාරය හැර ඔහුට වෙනත් න්‍යාය පත්‍රයක් හෝ ප්‍රචාරණයක් නොමැති බව දැන් ජනතාවට අවබෝධවී අවසානයි. කෙසේවෙතත් ජාතික ආරක්‍ෂාව, ස්වාධීනත්වය, ස්වෛරීභාවය ගැන කතාකරමින් යමීන් ගෙනයන මේ නාටකය අවසානයේ භයානක ගින්නකට හේතුවිය හැකිව තිබෙනවා.

මෙහිදී වැදගත් වන අනෙක් කරුණ වන්නේ යමීන් ඇත්තටම දේශප්‍රේමියෙක්ද යන්නයි. එසේම ඔහු නගන රැලිවලින් පෙනී සිටින තරමටම යමීන් රට ගැන සැලකිලිමත්ද? මෙම රැලි හේතුවෙන් යමීන් රටට ආදරය කරන පුද්ගලයකු ලෙස යමෙකු වරදවා වටහා ගැනීමට ඉඩ තිබෙනවා. එහෙත් ඔහු අද වනවිට මාලදිවයිනේ විශාලතම ජාතික තර්ජනය බවට පත්වී හමාරයි.

යමීන්  සිටියදී, 2015 වසරේදී මාලදිවයිනේ උතුරු දූපතක, ඉන්දියන් සාගරය හරහා ගමන් කරන නැව් සඳහා සමුද්‍ර ආරක්‍ෂාව සඳහා වූ ඉල්ලුමට සරිලන පරිදි පෞද්ගලික අවි ගබඩාවක් පිහිටුවීමට රජය සැලසුම් කරමින් සිටිනු ලැබුවා. 2015 ඔක්තෝම්බර් මාසයේදී, Malta's Marshall Consultants Group, Safety at Sea Logistics Ltd. (SASL) සමාගම් Haa Alif Atoll Uligan හි පෞද්ගලික අවි ගබඩාවක් තැනීමේ මෙම සැලසුම් සකස් කරනු ලැබුවා.

ඒ ඕමාන් බොක්ක සහ රතු මුහුදේ නැව් පැමිණෙන අංශක අටේ මාර්ගයේ පිහිටි මාලදිවයින් දූපතකය. මෙම අවි ගබඩාව මාලදිවයිනේ ජාතික ආරක්ෂක බලකාය (MNDF) විසින් අධීක්ෂණය කරනු ඇති බව ප්‍රකාශ කරන ලද නමුත්, මූලාශ්‍රවලට අනුව, MNDF විසින් Uligan හි අවි ගබඩාවක් සඳහා කරන ලද ඉල්ලීම් ප්‍රතික්ෂේප කර ඇත්තේ, ඈත උතුරු ප්‍රදේශවල සොල්දාදුවන් යෙදවීමට සම්පත් නොමැති බව පවසමින්. කෙසේවෙතත් පෞද්ගලික සමුද්‍ර ආරක්ෂාව යනු ලෝකයේ ලාභ උපයන ව්‍යාපාරයක්. 

එමනිසාම විවිධ හේතු දක්වමින් මෙම අවි කේන්ද්‍රස්ථානය පිහිටුවීමේ සැලසුම ක්‍රියාත්මක කිරීමට මැදිහත් වුණා. විපක්ෂයේ මන්ත්‍රීවරු ජනතාවට මෙහි අනතුර පෙන්වාදෙන  ලද්දේ,පෞද්ගලික අවි ගබඩාව සඳහා වූ ගනුදෙනුව ආයුධ වෙළඳාමට පහසුකම් සැලසිය හැකි බවත්,අවි ගනුදෙනු හේතුවෙන් වර්ධනය වන අනාරක්ෂිතභාවය හේතුවෙන් මාලදිවයිනේ ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල වීමේ හැකියාව පවතින බවත් සඳහන් කරමින්. 

මුලදී කියූ මෝල්ටා-මාලදිවයින් ගනුදෙනුව යනුවෙන් පැවසෙන්නේ ඉහතකී අවි ගබඩාවය. එවකට මාලදිවයිනේ උප ජනාධිපති අදීබ් යනු යමීන්ගේ ජනාධිපති ධුර කාලය තුළ ඔහුගේ සමීපතම සහායකයෙක්. විදෙස් ජනමාධය විසින් පෙන්වාදුන් ආකාරයට ඔවුන් දෙදෙනාගේ සබඳතාව 'බොනී සහ ක්ලයිඩ්' හි මාලදිවයින් අනුවාදනයක් වුණා(බොනී සහ ක්ලයිඩ් යනු ප්‍රධාන චරිත දෙකකින් යුත්, නව හොලිවුඩ් යුගයේ පළමු අපරාධ චිත්‍රපටවලින් එකක්). 2015 අගෝස්තු මාසයේදී මාලදිවයිනේ හිටපු උප ජනාධිපති අහමඩ් අදීබ් මෝල්ටාවේ ජනාධිපතිවරයා හමුවී ජනාධිපති අබ්දුල්ලා යමීන්ගෙන් ලිපියක් ඉදිරිපත් කරනු ලැබුවා. අද වනතුරුත් එම ලිපියේ අන්තර්ගතය හෙළි කර නොමැති අතර බොහෝ දෙනා අනුමාන කරන්නේ ඉහතකී ගිවිසුම අත්සන් කිරීම සිදු වූ අවස්ථාව මෙය විය හැකි බවයි.

කෙසේවෙතත් පසුකාලීනව අමීන්-අදීබ් මිතුරුකම බිඳවැටුණා. ඊට හේතුවුයේ යමීන් සහ ඉහුගේ පක්ෂය වන PPM විසින් අදීබ්ව  තම වාසි වෙනුවෙන් භාවිත කර ඇති බව අනාවරණය වීමයි. මේ අතර 2015 අගෝස්තු මාසයේදී අදීබ්ගේ මෝල්ටා සංචාරයෙන් පසුව, සැප්තැම්බර් මාසයේදී ජනාධිපතිවරයා ගමන්ගත් බෝට්ටුවක සිදුවූ සුළු පිපිරීමක් පදනම් කරගනිමින් උප ජනාධිපතිවරයා අත්අඩංගුවට ගෙන දෝෂාභියෝගයට ලක්කරනු ලැබුවා. එසේම මෙම පිපිරීම රජය විසින් බෝම්බ කුමන්ත්‍රණයක් ලෙස නම් කරනු ලැබුවා.

ඉන් අනතුරුව රටේ සිදුවූ සංචාරක ව්‍යාපාරයට අදාළ විශාලතම වංචාවටද යමීන්ගේ නම ඈදුණා. පසුව 2018 දී හෙලිදරව් වූයේ ඔහු ඇමරිකානු ඩොලර් මිලියනයක් විශුද්ධිකරණයකටද සම්බන්ධවූ බවයි. මේ හේතුවෙන් ඔහුව එරට අධිකරණය විසින් වසර 05කට සිරගෙට යවනු ලැබුවා. මෙම කරුණු හෙළිකරනු ලැබුවේ අදීබ් විසින්. ඒ නිසා අදීබ්ට සිරගතව සිටින කාලසිමවේදීත් චෝදනා රැසකට මුහුණ දීමට සිදුවුණා. කෙසේවෙතත් යමීන් ඔහුගේ අපිරිසිදු දේශපාලනය සඳහා තමන්ව යොදාගත් බව අදීබ් අදටත් පිළිගෙන නැහැ. කොහොම උණත් අදීබ් යමීන් පිළිබඳ බොහෝ රහස් දැන සිටි අතර එය අනතුරක් වුණා. 

අද වන විට මාලදිවයින් දේශපාලනය තුල මෙම කුප්‍රකට රහසිගත මෝල්ටා ගනුදෙනුව සහ ඉන් යමීන් ඉපැයූ ධනය පිළිබඳව කතාබහ ඇතිවී තිබෙනවා. ඒ යමින්ගේ කණ්ඩායම නැවත වතාවක් විවිධ කුමන්ත්‍රණ හරහා මාලදිවයිනේ බලය අල්ලා ගැනීමට සැලසුම් සකස් කරමින් සිටින බැවින්.