Thursday, May 9, 2024

General line - 0115112241

අලුත් අවුරුද්ද වෙනුවෙන් මියන්මාරයේ සිරකරුවන් 1,600කට නිදහස




මියන්මාර මිලිටරි පාලනය විසින් විදේශිකයින් 42 දෙනෙකු ඇතුළු සිරකරුවන් 1,600ක් නිදහස් කර තිබෙනවා. ඒ, අප්‍රේල් මස 13 වනදා සිට 16 වනදා දක්වා යෙදී ඇති මියන්මාර අලුත් අවුරුද්ද නිමිත්තෙන්. 

කෙසේවෙතත් මිලිටරි ජුන්ටාව විසින් දේශපාලන සිරකරුවන් කිසිවෙකුටත් නිදහස ලබා දී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තේරී පත් වූ රජය පෙරලා දමා මීට මාස 14කට පෙර මියන්මාරයේ බලය පැහැරගත් එරට හමුදා පාලනය රදවා ගෙන සිටින දේශපාලන සිරකරුවන් ගණන දස දහස ඉක්මවන බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.