Friday, May 10, 2024

General line - 0115112241

රඹුක්කන සිද්ධියට පොලිස්පති මානව හිමිකම් කොමිසමට




රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධියට අදාළව කරුණු විමසීම සඳහා පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ඇතුළු උසස් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු මානව හිමිකම් කොමිසම වෙත කැඳවා තිබෙනවා. 

පොලිස්පතිවරයාට අමතරව කොමිසම හමුවට මෙලෙස කැඳවා ඇත්තේ මධ්‍යම පළාත භාර ජ්‍යේෂඨ නියෝජ්‍ය පොලිස්පති, මධ්‍යම පළාත භාර නියෝජ්‍ය පොලිස්පති, කෑගල්ල දිසාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හා රඹුක්කන සහ කෑගල්ල පොලිස් ස්ථානාධිපතිවරුන්.

මේ අතර රඔුක්කන පොලිස් බල ප්‍රදේශයේ ඉකුත් 19වනදා පැවති විරෝධතාවක් අතරතුර සිදුවූ වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්වූ නාරන්බැද්ද, හිරිවඩුන්න පදිංචි චමින්ද ලක්ෂාන් නමැත්තාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සිදු කෙරෙනවා. ඒ, දේවාලේගම පොලිස් වසමේ නාරන්බැද්ද හිරිවඩුන්න ප්‍රදේශයේදීයි. දේහය භූමදානය කර අවසන් වන තෙක් ප්‍රදේශයේ සාමය ආරක්ෂා කරගැනීමට ත්‍රිවිධ හමුදාව කැඳවා තිබෙනවා. ඒ, හෙට දිනය දක්වායි.