Friday, May 10, 2024

General line - 0115112241

ව්‍යවස්ථා සංශෝධනයට අදාළ යෝජනා ස්වාධින මන්ත්‍රීවරුන් කථානායකවරයාට භාර දෙයි




රජයෙන් ස්වාධීන වූ මන්ත්‍රීවරුන් 41 දෙනා ව්‍යවස්ථා සංශෝධනයට අදාළ යෝජනා අද දිනයේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත භාරදී තිබෙනවා. කථානායකවරයා එහිදී පැවසුවේ තමාට ලැබුණු ව්‍යවස්ථා සම්පාදන යෝජනා සියල්ල නීතිපතිවරයාට යැවීම සඳහා කටයුතු කරන බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ පැවසුවේ 20 වන සංශෝධනයේ ගුණාංග ඉවත් කර 19 වන සංශෝධනයේ තිබූ ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ නැවත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කර බල තුලනය කිරීම මෙහි අරමුණ බවයි.

මේ අතර රටේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අද වාද විවාද ඇති වුණා. මේ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා.

මේ, අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණතුංග සහ දිනේෂ් ගුණවර්ධන.

පාර්ලිමේන්තුවේ ඇතිවූ උණුසුම් වාද විවාද හේතුවෙන් සභාවේ කටයුතු තාවකාලිකව නතර කිරීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට අදත් සිදුවුණා.