Friday, May 10, 2024

General line - 0115112241

ගාලු මුවදොර විරෝධතාවය අඛණ්ඩව 14 වෙනි දිනයටත්




ගාලුමුවදොර පැවැත්වෙන විරෝධතාව අද 14 වන දිනටත් ජනාධිපති ලේකම් කාර්යාලය අසලදී පැවැත්වෙනවා. ඊයේ රාත්‍රියේද විශාල පිරිසක් විරෝධතාවයට එක්ව සිටින අයුරු දැකගත හැකි වුණා. ඒ අතරට කළණ ගුණසේකර, ජගත් චමිල වැනි ජනප්‍රිය කලාකරුවන් ඇතුලු ක්ෂේත්‍ර රැසක පිරිස් ඇතුලත්.

මේ අතර ගාලුමුවදොර අරගලභූමියේ උපවාසයක නිරතවූ පූජ්‍ය තෙරිපැහැ සිරිධම්ම හිමියන් අද පෙරවරුවේ කොළඹ ජාතික රෝහලට ඇතුලත් කෙරුණා. උන්වහන්සේගේ උපවාසයට අදට දින 03 ක්.