Friday, May 10, 2024

General line - 0115112241

රඹුක්කන බවුසරයට ගිනි තැබීමේ සිද්ධියට පුද්ගලයෙකු CID අත්අඩංගුවට




රඹුක්කන නගරයේ ඉකුත්දා පැවති විරෝධතාවයේදී ඉන්ධන බවුසරයට ගිනි තැබීමට උත්සාහ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් එම පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි ජේ්‍යෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 22 දෙදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් රඹුක්කන ඇතිවූ සිද්ධියට අදාළව පරීක්ෂණ සිදුකරන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

මේ අතර රඹුක්කන විරෝධතාවයේදී පොලිස් වෙඩි පහරින් මියගිය චාමින්ද ලක්ෂාන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ආගමික වතාවත්වලින් අනතුරුව අද පසුවරුවේ සිදු කෙරුණා. ඒ, හිරිවඩුන්න - කරදගස්තැන්න පවුලේ සුසාන භූමියේදීයි. අවසන් කටයුතු සිදුවූ අද දිනයේ ප්‍රදේශයේ ආරක්ෂාව තරකර තිබුණා.