Friday, May 10, 2024

General line - 0115112241

අම්පාර පිරවුම්හලකදී නෙත් එෆ් එම් මාධ්‍යවේදියාට තර්ජනය කිරීම ගැන පොලිස්පතිට පැමිණිලි




අම්පාර ඉන්ධන පිරවුම් හලකදී නෙත් එෆ් එම් නිදහස් මාධ්‍යවේදී කසුන් තිවංක වික්‍රමසිංහට තර්ජනය කළ පුද්ගලයා සම්බන්ධයෙන් නෙත් නිවුස් පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළා. 

අප මාධ්‍යවේදියා ඉන්ධන පිරවුම්හලෙන් සිය මෝටර් රථයට ඉන්ධන ලබාගැනීමට පැමිණි අවස්ථාවේදී එහි සේවකයෙකු පවසා තිබුණේ රුපියල් 5,000 මුදලකට පමණක් ඉන්ධන නිකුත් කරනු ලබන බවයි. තමන් පෝලීමේ රැදී සිටියදී වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට අයත් කැබ් රථයක පැමිණි පුද්ගලයෙකු ඔහු ආරක්‍ෂක අමාත්‍යාංශයේ යැයි පවසා ඔහුගේ වාහනයට අවශ්‍ය සම්පූර්ණ ඉන්ධන ලබාගත් බව මාධ්‍යවේදී කසුන් තිවංක වික්‍රමසිංහ සදහන් කළා.

ඒ පිළිබද ඉන්ධන පිරවුම්හලේ කළමණාකරුගෙන් විමසීමෙන් අනතුරුව ආරක්‍ෂක අමාත්‍යාංශයේ යැයි කියූ පුද්ගලයා තමන්ට තර්ජනය කළ බවයි මාධ්‍යවේදී කසුන් තිවංක වික්‍රමසිංහ වැඩිදුරටත් සදහන් කළේ

නෙත් එෆ් එම් නිදහස් මාධ්‍යවේදී කසුන් තිවංක වික්‍රමසිංහට කළ එම තර්ජනය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට මෙන්ම නැගෙනහිර පළාත භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වාටද පැමිණිලි කිරීමට නෙත් නිවුස් කටයුතු කළා. 

අම්පාර ප්‍රදේශයේ එම පිරවුම්හලෙන් ඉන්ධන ලබාදීම සීමා කිරීම සම්බන්ධයෙන් ද බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සහ ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ දැනුවත් කිරීමට අවස්ථා කිහිපයකදී නෙත් නිවුස් කළද එම උත්සාහයන් ව්‍යර්ථ වුණා.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ යැයි පැවසූ ඉන්දික නලින් ජයවික්‍රම නම් වන අදාළ පුද්ගලයා සම්බන්ධයෙන් නෙත් නිවුස් පසුව කළ සොයාබැලීමකදී හෙළි වුණේ ගුවන් හමුදා නිලධාරියෙකු ලෙස කටයුතු කළ ඔහු 2004 - 2005 කාලසීමාවේදී සේවයෙන් ඉවත් කර ඇති බවයි. ඒ, හිටපු අමාත්‍ය නාමල් රාජපක්‍ෂගේ කටහඩින් වෙනත් තැනැත්තෙකුට දුරකතනයෙන් අමතා ගුවන් හමුදා නිලධාරියෙකුට උසස්වීමක් ලබාදීමට කල ඉල්ලීමකට චෝදනා එල්ලවීම හේතුවෙන්. 

ඉන් පසුව ඔහු අම්පාර නගාරාධිපතිවරයා ලෙසද කටයුතු කර තිබෙනවා. ඉදිරි මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් තරග කිරීමටද ඔහු අපේක්‍ෂාවෙන් සිටින බවටයි වැඩිදුරටත් වාර්තා වුණේ.

එම පුද්ගලයා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ වාහනයක් භාවිත කරන්නේ කුමන පදනමක් යටතේ දැයි අමාත්‍ය වෛi රමේෂ් පතිරණගෙන් විමසීමට ද නෙත් නිවුස් අවස්ථා කිහිපයකදී උත්සාහ කළද එම උත්සාහයන් ද ව්‍යර්ථ වුණා.