Sunday, May 5, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවේ උද්ධමනය සිම්බාබ්වේ සහ ලෙබනනයට ලං වෙයි




ශ්‍රී ලංකාවේ උද්ධමනය ලෝකයේ ඉහළම උද්ධමනය සහිත රටවල් අතර තුන්වන තැනට පත්ව ඇතැයි අමෙරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ස්ටීව් හැන්කි පවසනවා. ඔහු මීට පෙර ඉදිරිපත් කළ උද්ධමන දර්ශකයේ ශ්‍රී ලංකාව පසු වූයේ හයවෙනි ස්ථානයේයි. ඒ, ඉකුත් පෙබරවාරී මාසයේදී වීම විශේෂත්වයක්. 

ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ස්ටීව් හැන්කිගේ වාර්තාවට අනූව ශ්‍රී ලංකාවේ උද්ධමනය සියයට 17යි දශම 5 සිට සියයට 119 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එම වාර්තාවට අනුව ශ්‍රී ලංකාව දෙවෙනි වී ඇත්තේ සිම්බාබ්වේට සහ ලෙබනනයට පමණයි. සිම්බාබ්වේ උද්ධමනය සියයට 207ක්. ලෙබනනයේ උද්ධමනය සියයට 150ක්.

ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ස්ටීව් හැන්කි පවසන්නේ ශ්‍රී ලංකාව තුළ 1884 වසරේ සිට 1950 දක්වා ක්‍රියාත්මක වූ මුදල් මණ්ඩලයක් යළි ස්ථාපිත කළ යුතු බවයි. එසේ නොකළහොත් 17 වෙනි වතාවටත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ගොස් සිටින ශ්‍රී ලංකාව ලබා ගන්නා මුල්‍ය ආධාර අපතේ යනු ඇති බව ඔහුගේ අදහසයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව ඉකුත් මාර්තු මාසයේ උද්ධමනය සියයට 18යි දශම 07ක්. 

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අමෙරිකානු ඩොලරයක විකුණුම් අගය ඊයේ සටහන් කර තිබුණේ රුපියල් 342යි ශත 49ක් ලෙසයි.