Sunday, May 5, 2024

General line - 0115112241

සාකච්ඡාවක් සදහා අගමැතිතුමාට තරුණයින්ගෙන් කොන්දේසි සහිත ආරාධනයක්




නෙත් නිවුස් සමග විශේෂ සාකච්ඡාවකට එක් වෙමින් සාකච්ඡාවක් සදහා පැමිණෙන ලෙස අග්‍රාමාත්‍යවරයා සිදු කළ ආරාධනයට ගෝල් ෆේස් භූමියේ අරගලයේ නිරත තරුණයින් සිය ප්‍රතිචාරය දක්වා තිබෙනවා. අග්‍රාමාත්‍යවරයා නෙත් නිවුස් වෙත පැවසුවේ ඕනෑම සාකච්ඡාවක් සදහා අරලිය ගහ මන්දිරය ඕනෑම මොහොතක විවෘත බවයි. එහෙත් සාකච්ඡාවක් සිදු වන්නේ නම් එය සිදුවිය යුත්තේ අරගල භූමියේදී බව එම තරුණයින් පවසනවා. 

මේ අතර රට තුළ පවතින දේශපාලන සහ ආර්ථික අර්බුදයට විසදුම් සෙවීම සදහා වන විද්වත් සාකච්ඡාවක් අද පැවැත්වෙනවා. අර්බුදය සම්බන්ධයෙන් විවිධ විද්වතුන් ඉදිරිපත් කර ඇති යෝජනා මෙහිදී සැළකිල්ලට ගන්නා බවයි සිවිල් බලයක ඇරඹුම සංවිධානයේ සාමාජික නීතිඥ දර්ශන කුරුප්පු පැවසුවේ. 

මේ අතර ගෝල්ෆේස් භූමියේ අරගලය අද 18 වන දිනටත් ක්‍රියාත්මකයි.